Tales of Prof. James Moriarty Mystery of the sealed room වැසුණු කාමරයේ අභිරහස බිහිසුණු අපරාධ ගණනාවක් සිදුකළ පුද්ගලයෙක් අවසන තමා නොකළ වරදක් සදහා සැකපිට අත්අඩංගුවට පත්වීම දෛවෝපගත සිදුවීමකි. එය කළකිරෙනසුළුය. නීතියට පටහැනි වන දුෂ්ට පුද්ගලයන් ගේ සිත් තුළ පවා සැමට යුක්තිය ඉටුවිය යුතුය යන හැගීම බලවත් ලෙස පවතී. කෙදිනක හෝ මා නීතියේ රැහැනට හසුවනවානම් ඒ මා ඇත්තටම සිදුකළ අපරාධයක් සදහා විය යුතු බව මම විශ්වාස කරමි. තමා පොලිස් අත්අඩංගුවට පත්වූ බව දන්වමින් මහාචාර්ය මොරියාර්ටි එවූ ලිපිය ලදවිට මා කෙතරම් විමතියට පත්වීදැයි ඔබට සිතා ගත හැකිය. ඇප බැදීමට මුදල් ලෑස්ති කරගත් මම ඉක්මනින් ඔහු රඳවා සිටි තැනට ගියෙමි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගල ඝාතනයකට සැකපිට බව දැනගැනීමෙන් මම කම්පනයට පත්වුනෙමි. ඇප මත ඔහු නිදහස් නොකරනු ඇති. ආයුධයක් වැනි යමක් හොර රහසේ ඔහු වෙත ලබා දෙනු ඇතැයි යන සැකයෙන් මා දෙස ඉතා සුපරීක්ෂාකාරීව ඇසගසාගෙන සිටි පොලිස් නිළධාරීන් සමඟ සිරමැදිරිය වෙත ගිය මම යකඩ කූරු අතරින් ඔහු හා කථා කළෙමි. "මොරියාර්ටි, මොකද මේ උනේ?" මම ඇසුවෙමි. "කෙටියෙන් කීවොත් කැප්ටන්, මෝර්ටන් ෆෙයාචයිල්ඩ් නැම...