Sherlock Holmes tales The adventure of the mazarine stone කහ දියමන්තියේ වික්‍රමය අද්විතීය වික්‍රමයන් ගණනාවක ආරම්භක ස්ථානය වූ බේකර් වීදියේ පළමු මහලේ පිහිටි අපිළිවෙල කාමරයට නැවත පැමිණීම දොස්තර වොට්සන්හට අස්වැසිල්ලක් විය. තමා වටා බිත්තියේ එල්ලා තිබූ විද්‍යාත්මක ප්‍රස්ථාර, ඇසිඩ් වලින් පිච්චුනු රසායනික ද්‍රව්‍ය රාක්කය, කාමරය කෙළවරේ හේත්තුකොට තිබූ වයලීන් කවරය, පැරණි පයිප්ප හා දුම්කොළ දමා තිබූ ගල් අගුරු බදුන දෙස බැලූ ඔහුගේ දෑස් අන්තිමේ යොමුවුණේ බිලීගේ පිබිදුණු සිනහවකින් සැරසුන මුහුණ වෙතටය. සිය ශ්‍රේෂ්ඨ රහස් පරීක්ෂක සගයාගේ හුදකලාව මැකීමට යම් පමණකින් හෝ දායක වු ළාබාල නමුත් ඉතා බුද්ධිමත් කොලුගැටයා ඔහුය. "කිසිවක් වෙනස් වෙලා නෑ වගේ, බිලී. ඔබත් එහෙමයි. මම හිතනවා ඔහුත් එහෙම ඇති කියලා?" නිදන කාමරයේ වසා තිබූ දොර දෙස උද්යෝගීමත් බැල්මක් හෙලූ බිලී "මම හිතන්නේ ඔහු ඇඳේ නිදි ඇති" යැයි පැවසීය. ඒ වනවිට එම සුන්දර ගිම්හාන දිනයේ යන්තම් සවස හත වුනා පමණි. නමුත් තම පරණ මිතුරාගේ අක්‍රමවත් දිනචර්යාව ගැන දන්නා දොස්තර වොට්සන් ඒ පිළිබඳව පුදුම නොවීය. "ඒ කියන්නේ ඔහු ප...