Skip to main content

Posts

Showing posts from June, 2020

Adventure of unscrupulous assassin - දුෂ්ට මිනීමරුවාගේ වික්‍රමය

Tales of Professor James Moriarty  The Adventure of the unscrupulous assassin  දුෂ්ට මිනීමරුවාගේ වික්‍රමය මහාචාර්ය ජේම්ස් මොරියාර්ටි සහ මගේ ඇසුර තුළ ඔහුගේ විශ්මය දනවන සුලු තාර්කික නිගමනයන්ට එළබීමේ හැකියාවත් ඔහුට බාරවූ ගැටලු විසදීමේදී දැක්වූ සටකපට බුද්ධියත් දැකගැනීමේ භාග්‍යය මා හට ලැබුනේ වරක් දෙවරක් නොවේ. මම මහාචාර්යවරයා හදුනාගෙන ටික කලකින් ඔහුගේ සේවාවන් සදහා එක්තරා ආකාරයක සම්බන්ධීකාරකයකු බවට පත්වූවෙමි. පාතාල ලෝකයේ බොහෝ දෙනෙකු මෙන් මහාචාර්යවරයාද කිසිවෙකු විශ්වාස කිරීමට මැළිවූ අතර කොතරම් වාසිදායකයැයි පෙනී ගියද ඔහුගේ අභිමතයෙන් තොරව ඔහු වෙත ඉදිරිපත්වූ සහයයන් භාර ගත්තේ ඉතා කලාතුරකිනි. එබැවින් නිතර සිදුවූ අයුරින් වයලට් සුට්ක්ලිෆ් මෙනවියගේ ආරක්ෂාව පිළිබඳ කාරණයේදීද ඔහුගේ නියෝජිතයා වීමට මට කැඳවීමක් ලැබිණි. මා මීටපෙර සදහන් කරසිටි පරිදිම ඒ වනවිට මම ලන්ඩන් පාතාල ලෝකයේ ඉතා උත්සාහවන්ත නමුත් කුඩා හා නොවැදගත් සාමාජිකයෙකු වීමි. චාල්ස් සුට්ක්ලිෆ් මහත්මයා ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පුද්ගලයෙකු විය. ඔහු එවකට ලන්ඩනයේ සිටි භයානකම අපරාධ කල්ලි මෙහෙයවන්නා වූ අතර ඔහුගේ අයථා  වැඩ කටයුතු මගින් විශාල ධනස...

The Dishonour among thieves - ද්‍රෝහියා සෙවීම

Tales of Professor James Moriarty  The Dishonour among thieves  ද්‍රෝහියා සෙවීම අද කාලයේ බොහෝ දෙනා කරන්නාක් මෙන් මගේ සඟයාගේ වීරක්‍රියා විස්තර කිරීමට මටද සිදුවී තිබේ. අසහාය බුද්ධියකින් හෙබි ඔහු පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. ජීවිතයේ පසුකලකදී ඔහු ලන්ඩනය උඩුයටිකුරු කළේය. සිය  තර්කානුකූල නිගමනයන්ට එළබීමේ හැකියාව නිසා ඔහු ඉමහත් පිළිගැනීමට ලක්වූ අතර නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ නිරන්තර අවධානයට පාත්‍ර විය. නමුත් මේවා බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්ය. එම නිසා හිතාදර පාඨකය, මා සූදානම් වන්නේ ඔහුගේ අප්‍රකට ආරම්භය සහ ඔහු අප සැම හදුනන පුද්ගලයා බවට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව විස්තර කිරීමටය.  ඔබ අනුමාන කළ පරිදිම මා මේ කියන්නේ මහාචාර්ය ජේම්ස් මොරියාර්ටි ගැනය. 1871 ශිශිර සෘතුවේ සීතල සුළං සහිත රාත්‍රියක මම ස්ට්‍රේට්රේසර් රෆියන්ස් කල්ලියේ ප්‍රධානියා ලෙස මට පැවරී තිබූ දහසකුත් එකක් රාජකාරිවල නිරත වී සිටියෙමි. හමුදා සේවයෙන් ලබාගත් තාවකාලික නිවාඩුවේ පිහිටෙන් හමුදා භාණ්ඩ සොරකමේ යෙදී සිටී මම, කුඩා අපරාධ කල්ලියක් මෙහෙයවන්නකු දක්වා උසස් වීමක් ලැබූවෙමි. එහෙත් ඒ වනවිට කිසිසේ...

The adventure of the mazarine stone - කහ දියමන්තියේ වික්‍රමය

Sherlock Holmes tales The adventure of the mazarine stone  කහ දියමන්තියේ වික්‍රමය අද්විතීය වික්‍රමයන් ගණනාවක  ආරම්භක ස්ථානය වූ බේකර් වීදියේ පළමු මහලේ පිහිටි අපිළිවෙල කාමරයට නැවත පැමිණීම දොස්තර වොට්සන්හට අස්වැසිල්ලක් විය. තමා වටා බිත්තියේ එල්ලා තිබූ විද්‍යාත්මක ප්‍රස්ථාර, ඇසිඩ් වලින් පිච්චුනු රසායනික ද්‍රව්‍ය රාක්කය, කාමරය කෙළවරේ හේත්තුකොට තිබූ වයලීන් කවරය, පැරණි පයිප්ප හා දුම්කොළ දමා තිබූ ගල් අගුරු බදුන දෙස බැලූ ඔහුගේ දෑස් අන්තිමේ යොමුවුණේ බිලීගේ පිබිදුණු සිනහවකින් සැරසුන මුහුණ වෙතටය. සිය ශ්‍රේෂ්ඨ රහස් පරීක්ෂක සගයාගේ හුදකලාව මැකීමට යම් පමණකින් හෝ දායක වු ළාබාල නමුත් ඉතා බුද්ධිමත් කොලුගැටයා ඔහුය. "කිසිවක් වෙනස් වෙලා නෑ වගේ, බිලී. ඔබත් එහෙමයි. මම හිතනවා ඔහුත්  එහෙම ඇති කියලා?" නිදන කාමරයේ වසා තිබූ දොර දෙස උද්යෝගීමත් බැල්මක් හෙලූ බිලී "මම හිතන්නේ ඔහු ඇඳේ නිදි ඇති" යැයි පැවසීය. ඒ වනවිට එම සුන්දර ගිම්හාන දිනයේ යන්තම් සවස හත වුනා පමණි. නමුත් තම පරණ මිතුරාගේ අක්‍රමවත් දිනචර්‍යාව ගැන දන්නා දොස්තර වොට්සන් ඒ පිළිබඳව පුදුම නොවීය. "ඒ කියන්නේ ඔහු ප...